27 April 2024
#දේශීය

රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ, සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළවය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා එම නියෝගය කර සිටියේ , නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සළකා බැලීමෙන් අනතුරුවයි.

නිතිපති නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ අධිකරණයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නියෝගය ඉල්ලා සිටියේ ය.

පසුගිය නොවැම්බර් මස 10 වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් සුදු වෑන් සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඇති චෝදනා ගොනු කර තිබේ. ඒ අනුව එම මාධ්‍ය හමුවට පැමිණි සිටි සුදු වෑන් රියැදුරන් බව සඳහන් කළ දෙදෙනා මේ වනවිට ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද ඉන් අනතුරුව සුදුසු ඇපයක් මත මුදාහරින්නැයිද සඳහන් කරමින් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයඳුම්පතක් ගොනුකර තිබේ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *