27 April 2024
#දේශීය

රිෂාඩ් මහින්ද පිලටද….?

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටළුවත් සමඟ එජාපයේ මන්ත්‍රිවරුන් සහාය දක්වන්නේ කාටද යන්න තීරණයකට එළැඹි තිබේ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ඇමැති ධුරයක් දරමින් සිටින රිෂාඩ් බදුර්දින් මේ වන විට ඉතා රහසිගතව මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට කටයුතු කරන බව වාර්තා වේ.

රිෂාඩ්ගේ සමිපතම ආරංචි මාර්ග කියා සිටියේ මේ වන විට රනිල්ට සහාය දැක් වුවද මහින්ද රාජපක්ෂට සහාය දක්වන බව පවසා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් මේ වන විට තමා වැඩි කතා බහට ලක්වන හෙයින් අවශ්‍ය වේලාවට මහින්දට සහාය දැක්වීමට පැමිණෙන බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *