කෑගල්ල ප්‍රදේශයේ පිහිටි රන් ආභරණ උකස් මධ්‍යස්ථානයකට කඩා වැදී එහි භාරකරුට පහර දී බියගන්වා, රුපියල් ලක්ෂ 213කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය සමත්ව තිබේ.
පසුගිය 23 වන දින මෙම කොල්ලකෑම සිදු කර ඇත්තේ පුද්ගලයින් තිදෙනෙකු විසිනි. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය විසින් ආරම්භ කරන ලද විමර්ශනවලදී, කොල්ලකෑමට සම්බන්ධ එක් සැකකරුවෙකු ඊයේ (24) කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී කොල්ලකෑ රන් භාණ්ඩවලින් කොටසක් (ග්‍රෑම් 38යි මිලිග්‍රෑම් 39ක්) පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරු 42 හැවිරිදි මීපිටිය, කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සොයා සහ කොල්ලකෑ ඉතිරි රන් භාණ්ඩ සොයා කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.















