රුසියාවේ Siberia ප්‍රදේශයේ plague පර්යේෂණ ආයතනයක සේවය කළ 28 හැවිරිදි laboratory workerවරියක් මිය යාමෙන් පසු ඇති වූ plague සැකය සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය බලධාරීන් නව තොරතුරු නිකුත් කර තිබේ. Darya Shipilova ලෙස හඳුනාගෙන ඇති ඇය ඔක්තෝබර් 2 වැනිදා මියගොස් ඇති අතර, ඇයගේ මරණයට pneumonic plague හේතුවූ බව මෙතෙක් තහවුරු කර නොමැත. රුසියානු බලධාරීන් පවසන්නේ මරණයට හේතුව තවමත් නිශ්චිතව තහවුරු කර නොමැති pneumonia තත්ත්වයක් බවයි.
Russiaහි Rospotrebnadzor සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ මියගිය කාන්තාව සමඟ සම්බන්ධ වූ පුද්ගලයන් අතර plague රෝගීන් හඳුනාගෙන නොමැති බවයි. සම්බන්ධතා පරීක්ෂා කර ඇති අතර, dangerous infectious pathogens සඳහා ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල negative වී ඇති බව WHO වෙතද Russia දැනුම් දී තිබේ. මේ අතර පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් precautionary medical observation යටතේ තබා ඇති අතර, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වනවිට මුදාහැර තිබේ.
කෙසේ වෙතත්, මියගිය laboratory workerට plague ආසාදනය සම්පූර්ණයෙන්ම බැහැර කර තිබේද යන්න තවමත් පැහැදිලි නොමැති බව Reuters වාර්තා කරයි. WHO පවසන්නේ දැනට සාමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතින බවයි. මේ අතර ඇමරිකානු Secretary of State Marco Rubio වැඩි තොරතුරු සහ විනිවිදභාවයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ.














