27 April 2024
#දේශීය

රෝහණ ලක්ෂමන්ට ආණ්ඩුකාර ධුරයක් ….. !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හට ආණ්ඩුකාර ධුරය ලබා දීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ සමිපතම ආරංචි මාර්ග කියා සිටියේ එම පත්වීම අද දිනයේදී ලබා දීමට නියමිත බවයි.

මෙලෙස ආණ්ඩුකාර ධුරය පිළිනමනු ලැබුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සිය ධුරවලින් ඊයේ (02) ඉල්ලා අස්විමත් සමඟයි.

කෙසේ වෙතත් Ttvnews.lk වෙබ් අඩවිය රෝහණ ලක්ෂමන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමාට ද එවැනි ආරාංචියක් දැනගන්නට ලැබුණු බවත් තවම නිශ්චිතව කිය නොහැකි බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *