27 April 2024
#දේශීය

ලකුණේ ප්‍රශ්ණයක් නෑ – එජාපයට විරුද්ධ පුළුල් බලවේගයක් ඕන බව ඇමැති නිමල් කියයි

මහමැතිවරණය සඳහා ඉදිරිපත් වීමට ලකුණ පිළිබදව ප්‍රශ්නයක් නොමැති බවත් අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් බලවේග එකතු කොට ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රත්සංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහියංගනය ප්‍රදේශයේ ඊයේ (09) පැවති ජන හමුවක දීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතා විශිෂ්ඨ නායකයෙක් වශයෙන් මේ රට විනය ගරුක රටක් බවට පත් කරන්න හැකි වාතාවරණයක් නිරිමාණය කරලා තියෙනවා. එතුමා පසුගිය ජනාධිපතිවරණයේ දී ඉතා ප්‍රශස්ත මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියා. එතුමා තමන්ගේ නම් තැන් තැන්වල ලිවුවේ නැහැ. පොස්ටර් ගැහුවේ නැහැ. අපිත් ඒ ආදර්ශය අනුව වැඩ කරන්න ඕන. මමත් මෙවර පොස්ටර් ගහන්නේ නැහැ. දැන් ගෝඨාහය රාජපකුෂ මැතිතුමා පත්වෙලා ඉතා කෙටි කාලයයි. එතුමා ජනතාවට සහන රාශියක් දුන්නා. මෙරට නිෂ්පාදනය කරනු ලබන අල, බඩ ඉරිඟු, කව්පි මුං ඇට වැනි දේවල් පිටරටින් ගෙන්වන එක තහනම් කලා. එහෙම කළේ ගොවි ජනතාවගේ අර්ථිකය ශක්තිමත් කරන්නයි. ගොවියාට තමන්ගේ නිෂ්පාදන සඳහා හොද වෙළඳපොලක් ලබා දීමටයි. ඒ නිසා ඉදිරියේ දී තවත් ජනතා හිතවාදී සහන රාශියක් ලබා දීමට නියමිත බවත් ආර්ථිකය ශක්තිමත් කර රටේ දැවැන් සංවර්ධනයක් කරා වත්මන් රජය ගෙන යන බවත් යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

 

දිලිනි සමන්මලි

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *