27 April 2024
#සංවර්ධන

වතුකරයේ ජනතාවගේ සනිපාරක්ෂක ගැටළු විසදීමට කටයුතු කරනවා – ඇමැති නිමල්

වතුකරයේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් ගැටළු විසදීම සදහා විධිමත් වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) බදුල්ල, හාලිඇළ මැතිවරණ කොට්ඨාශයේ මාර්ග හතරක් කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමට කටයුතු කළා සේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් සහිතව අගමැතිවරයා බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

විශේෂයෙන් වතුකරයේ ජනතාවට පවතින සනීපාරක්ෂක ප්‍රශ්න ඇතුළු පොදු පහසුකම් විසදීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හාලි ඇළ ඇටම්පිටිය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම සදහා පැමිණි අවස්ථාවේදී වතුකරයේ ජනතාවට පවතින ගැටළු සම්බන්ධයෙන් එතුමා දැනුවත් කළ බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

වතුකරයේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් ගැටළු විසදීම සදහා විධිමත් වැඩ පිළිවෙළක් අවශ්‍ය වන බැවින් ඉදිරියේදී එය සිදු කරන බව ද පැවසීය.

දැනට පවතින තත්වය අනුව සංවර්ධන කටයුතු සදහා මුදල් ලබා ගැනීම අපහසු බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශක්තිමත් රජයක් පත් කර ගැනීමෙන් පසුව ජනතාවට අවශ්‍ය පරිදි පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුඑටත් සදහන් කළේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *