27 April 2024
#දේශීය

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සමඟ අගමැති විශේෂ සාකච්ඡාවක් අද

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද (18) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතයි.

දේශපාලන ආරංචි මාරග සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේදී නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් පලමු වටයේ සාකච්ඡාවක් අද දිනයෙ පැවැත්වෙන බවයි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පමණක් සහභාගි වනු ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක මහත්වරුන් සහභාගී වීමට නියමිතව ඇත.

 

දිලිනි සමන්මලි 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *