27 April 2024
#දේශීය

වරාය දියුණු කරන්න සියළු දෙනා කැප වන්න ලෙස ඇමැති ජොන්ස්ටන් වැඩ භාරගනිමින් කියයි (විඩියෝ)

ලෝකයේ කාර්යක්ෂම ලෙස මෙරට වරාය පත් කිරීමට කටයුතු කරන බව වරාය හා නාවුක කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වරාය දියුණු කිරීමට සියළුම වෘත්තීය සමිතිවල සහයෝගිතාව බලාපොරොත්තු වන බවයි. සියළු ප්‍රශ්ණ සාකච්ඡා කොට විසදුම් ලබා දීමට කටයුතු කරන අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ කරන රටක් සංකල්පයට අනුව කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය උපරීම සහාය සියළු දෙනාගෙන්ද මෙහිදී අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. මැතිවරණයේදී ලබා දුන් ප්‍රකාශ වචනවලට සිමා නොවී ගත යුතු සියළු තින්දු තීරණ ගන්නා බව ඔහු අනාවරණ කර සිටියේය.

මෙම අවස්ථාවට වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් එක්වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *