• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ව්‍යවස්ථානුකූලව ලබාදුන් හිටපු ජනපති විශ්‍රාම වැටුප් ‘සංදර්ශන’ කතාවලින් අත්හිටුවන්න බැහැ –. වජිර අබේවර්ධන

4 October 2024
in දේශීය, පුවත්
ව්‍යවස්ථානුකූලව ලබාදුන් හිටපු ජනපති විශ්‍රාම වැටුප් ‘සංදර්ශන’ කතාවලින් අත්හිටුවන්න බැහැ –.  වජිර අබේවර්ධන

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සංදර්ශන කතා මගින් කරන්න බැහැ.

එහෙම අහෝසි කරන්න වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ප්‍රකාරවයි. නිකං කියල ගලවන්න බැහැ යැයි එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ගාල්ල, හිනිදුම, බෙන්තර, ඇල්පිටිය, රත්ගම, කරන්දෙනිය ඇතුළු ප්‍රදේශවල එ.ජා.ප. ක්‍රියාකාරීන් අමතමින් ඔහු මේ බව කීය.

දෙස් විදෙස් බලවේග හැම තිස්සේම බැලුවේ කොහොම ද රනිල් වික්‍රමසිංහ ඉවත්කර ගන්නේ කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මහතා මුල් පුටුවේ හිටියා කියන්නේ මේ රටේ ස්ථාවරභාවය වැඩිනේ. එහෙනම් ඔවුන්ට අවශ්‍යයයි මේ රට පාලනය කරන්න දුර්වලයෙක්. එහෙනම් දුර්වලයෙක් කොහොමද තෝරාගන්නේ? අටවන විධායක ජනාධිපති වුණේ විරුද්ධ පක්ෂ නායකයා වෙලා නෙමෙයි. තනි මන්ත්‍රීවරයා වෙලා තමයි ඒක වුණේ.

එතකොට විරුද්ධ පක්ෂ නායකයා තමන්ගේ ජොබ් එක අතඇරලා තියෙනවා. ඒ කියන්නේ 3% ගත් කෙනෙක් මැද්දෙන් ඇවිත් අද ජනාධිපති වෙලා තියෙනවා. ඒකට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, ජේ. ආර්. හෝ රනිල් වික්‍රමසිංහ ඉඩ දුන්නේ නැහැ. ඒ කියන්නේ විරුද්ධ පක්ෂය අසමත්. එහෙනම් අසමත් විරුද්ධ පක්ෂයක් එක්ක අපි කොහොමද ඊළඟ දේශපාලන ක්‍රියාවලියේ ඉදිරියට යන්නේ.

අපි මේ මැතිවරණයට මුහුණදෙන කොට සමහර විට අපේ ගොඩේ තිබෙන යම් ප්‍රමාණයක් ඇදිලා යනවා. බලයක් එක්ක සිදුවෙන ක්‍රියාවලියක්. පසුගිය ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ඔබ දකිනවද කවුරුහරි ඇවිල්ලා ලියුමක් දෙනවා අනුර කුමාර මහත්තයට, කිසි කෙනෙක් නෑ. දැන් පරිසරයෙන් මේ වැඩේ කරන්න තියෙනවා. අවුරුදු 56කට පස්සේ ශ්‍රී ලංකාවේ පළමු වැනි වතාවට රතු ආණ්ඩුවක් හදලා තියෙනවා. ඉතිහාසයේ පළමු වැනි වතාවට වෙනස් සාධක ගණනාවක් මතුවෙලා තියෙන අවස්ථාවක්. පෙට්‍රල් අඩු කළ හැකියි. ඩීසල් අඩු කළ හැකියි. නොයෙක් දේවල් අඩු කරයි. ඒ නිසා දැන් කල්පනාවෙන් මේ ප්‍රශ්නය දිහා බලාගෙන සිටිමු. මං මේ කාරණා කිව්වේ වෙන හේතුවක් නිසා නෙමේ. බලාපොරොත්තු කඩ වෙන්නේ නෑ. පෙට්‍රල් අඩු කරයි. ඩීසල් අඩු කරයි, රනිල් මහත්තයා ඔක්කොම හරිගස්සලා දීලා තියෙන හන්දා” යැයි ද ඔහු කීය.

Post Views: 56
Previous Post

ලාෆ්ස් ගෑස් මිලට සිදුවූ දේ

Next Post

අලිසබ්‍රි හිටිය තැනටම !

Editor TTV News

Editor TTV News

Next Post
අලිසබ්‍රි  හිටිය තැනටම !

අලිසබ්‍රි හිටිය තැනටම !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved