27 April 2024
#සංවර්ධන

විදුලි පාරිභෝගිකයා පහසුවට නව ඇමැතුම් මධ්‍යස්ථානයක්

නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද නව ඇමතුම් මධ්‍යස්ථානයක් අප්‍රේල් 05 දින වනවිට ලංකා විදුලි බල මණ්ඩලයට ස්ථාපිත කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) චිත්තම්පලන් ඒ ගාඩිනර් මාවත පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයීය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ “මේ මූලස්ථානයේ තියෙන අළුත්වැඩියා කිරීම් සහ නව ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු පුළුවන් තරම් ඉක්මන් කරන්න කියලා මම මේ අවස්ථාවේ අදාළ අංශයන්ට උපදෙස් දෙනවා. ඒ වගේම ලං.වි.ම. ඇමතුම් මධ්‍යස්ථානයේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකර, ඒ තුළින් පාරිභෝගිකයාට හැකිතාක් සමීපව සේවා සපයන ආයතනයක් බවට ලංවිම පත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා දැනට තිබෙන පහසුකම් වලට අමතරව නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය අප්‍රේල් 05 දින වනවිට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

වසර ගණනාවකට පෙර නාරාහේන්පිට ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිතවූ ලංවිම නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු මේ වනතෙක් නිමාවී නොමැති බැවින්, එය සිදුකිරීමේ හැකියාව පිළිබදව සොයා බලා, හැකි ඉක්මණින් එම ඉදිකිරීම් ආරම්භ කළ යුතු බවත්, පාරිභෝගිකයාට ඵලදායි, කාර්යක්ෂම, ගුණාත්මක මෙන්ම අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීම වෙනුවෙන් ලං.වි.ම. කාර්ය මණ්ඩලයේද පහසුකම් සපුරා දියයුතු බැවින්, යෝජිත නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කඩිනම් කළයුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *