27 April 2024
#දේශීය

විමල්ගේ “තෙවැනි මග මාසික සඟරාව ජනගත කෙරේ

ජාතික නිදහස් පෙරමුණේ “නිදහසේ නියමුවෝ” ප්‍රකාශනයක් ලෙස “තෙවැනි මග | THIRD WAY | மூன்றாம் வழி” මාසික සඟරාව ජනගත කිරීම අද (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී පැමිණ සිටි ආරාධිත පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සිදු කරන ලද අතර ප්‍රධාන දේශනය පක්ෂ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළේය.

මෙම අවස්ථාවට පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, යුතුකම සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩා,ර ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරු ඇතුළු විද්වත්හු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *