වී අස්වනු සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසත්, වී තොග මිලදී ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලා අද (03) උදෑසන ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් A9 මාර්ගය රඹෑව මංසන්දියෙන් වසා දමා තිබේ.
ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර, ඊට මහ කනදරාව මහා වාරිමාර්ග ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන එක්ව සිටිති. වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ලබා දිය යුතු බව විරෝධතාකරුවන් අවධාරණය කරති.
















