27 April 2024
#දේශීය

වෙල්ගමගේ අගමැති සිහිනය බොඳ වෙයි …….!

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් මේ වන විට තනි මගක අතරමං වීමට සිදුවන ඇති බව ඔහුගේ සමීපතමයෙකු අප වෙත කියා සිටියේය. එම සමීපතයා කියා සිටියේ වෙල්ගමගේ සැලසුම වී තිබුණේ මහින්ද නැවත ජනපති කර ඔහුට අගමැති ධුරය ලබා ගැනීමට බවයි.

නමුත් මේ වන විට වෙල්ගමගේ සියලු සැලසුම් බිඳ වැටී බවයි එම සමීපතයා අප වෙත කියා සිටියේය. පසුගිය දිනක වෙල්ගම සහ මහින්ද අතර ඇති වු කතාබහක් පවා දුර දිග ගිය බවත් එය පුංචි ගැටුමක් දක්වා ගිය බව එම සමීපතයා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම වෙල්ගමගේ අගමැති සිහිනය අවුල් වීමත් සමඟ මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඔහුට සමිප පුද්ගලයින් එක්ව පාර්ලිමේන්තුවේදී ස්වාධිනව කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

තව ද නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් ගෙන ඒමට නියමිතව තිබු විශ්වාසභංගට පවා ඡන්ද දීමෙන් වැලකී සිටිමට කටයුතු කරන්න ද වෙගල්ගම සැලසුම් කර ඇති බව වාර්තා වේ.

නමුත් මේ වන විට වෙල්ගමට යන එන මං නොමැති තත්ත්වයකට පත්ව ඇති බව ඔහු සම්බන්ධ ආරංචි කියා සිටින්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *