27 April 2024
#දේශීය

වොක්ෂෝල් වීදිය ට ගිය නිසා සජිත් පැරදුණා…

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ යනු තව දුරටත් දේශපාලනයේ නියැළිය යුතු පුද්ගලයෙක් බවත්, ඔහු ඇතුළු කණ්ඩායම ඉදිරියේ දී නිවැරිව පක්ෂය ට නායකත්වය දෙනු ඇති බවත් එම පක්ෂයේ මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

කවුරුන් කෙසේ කීවත් පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා දිනවීම අරමුණු කරගෙන සියලු දෙනා එකාවන්ව කැපවී කටයුතු කළ බවත් ඔහු මෙහිදී අවධාරණය කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කිසිවෙකුටවත් හැකියාවක් නැති බවත්, එසේම ඔහු තනතුරු අත්හැර දමා යා යුතු නායකයෙකු නොවන බවත් ආශු මන්ත්‍රීවරයා පැවසුවේ පක්ෂය තුළ කිසිදු ආකාරයක බෙදීමක් සිදුව නැති බවට සහතිකයක් ද දෙමිනි.

කෙසේ වෙතත් ජනපති මැතිවරණය පරාජයට ප්‍රධාන හේතුව සිංහල බෞද්ධ ඡන්ද පදනම ආකර්ශනය කර ගැනීමට නොහැකිවීම බවත් ඒ මහතා පැවසීය.

මැතිවරණයකදී පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවිය යුතු කාර්යාලය සිරිකොතෙන් එපිට වොක්ෂෝල් වීදිය ට ගෙන යාමත් පරාජය ට හේතුවක් වූ බවද ආශු මාරසිංහ මහතා මෙහිදී පැවැසී ය. ඔහු මේ අදහස් පළකළේ විද්‍යුත් නාලිකාවක කෙටි සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමිනි.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *