27 April 2024
#දේශීය

සන්නද්ධ හමුදා සාමාජිකයින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරීය ට…

රට තුල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතුවලට කැඳවීමට අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම ට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඊයේ (22) දිනසිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා සාමාජිකයින් කැඳවීමට ජනාධිපතිවරයා අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව පණවන ලද හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජන ආරක්ෂා අඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුද, නාවික සහ ගුවන් හමුදා කැඳවීම සිදුකළේය. 

* සටහන : ජනිත් විපුලගුණ

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *