27 April 2024
#දේශීය

ශ්‍රීලනිප ජාතික සංවිධායක, ගෝඨා දිනවන්න ජනතාව රැස් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර කළාවැව ආසන බළ මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළාවැව කාර්යාලයේදී පැවැත්විණි.

මේ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බව දැකගන්නට තිබේ.  මෙවර ජනාධිපතිවරණය සඳහා ජාතික සංවිධායකවරයා වශයෙන් දුමින්ද දිසානායක විසින් ජනතාව අතරට ගොස් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂව ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනු ඇත. 

යම් යම් දේශපාලන තීන්දු තීරණ වලදී දුමින්ද දිසානායක විසින් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෙම පියවර ගත්තා යැයි දේශපාලන අභ්‍යන්තර තොරතුරු කියා සිටි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සංවිධානයේ පිරිස් කියා සිටින්නේ මෙවර ගෝඨාභය රාජපක්ෂ දිනවන බොහෝ පිරිසකගෙන් සිදුවන්නේ පක්ෂය විනාශ වීමක් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටින්නේ මෙලෙස ගෝඨාභය දිනවිමට කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ දේශපාලනඥයින්ට ඉදිරියේදී කරකියා ගත නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවයි.

 

තඹුත්තේගම පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළාවැව කාර්යාලයේදී දුමින්ද දිසානායක මහතා විසින් සංවිධානය කල රැස්වීමේ ඡායාරූප පහත දැක්වේ. 

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *