27 April 2024
#දේශීය

ශ්‍රීලනි පක්ෂයට නව නායකත්වයක් ඕන – වෙල්ගම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගත් බවයි. එසේම මහින්ද රාජපක්ෂ මහතා ද ඊට වඩා හොඳින් පක්ෂය රැක ගත් බව හෙතෙම පැවසිය.

නමුත් වත්මන් නායකයා පක්ෂය සම්බන්ධයෙන් නොසිතන බව ද ඔහු කියා සිටියේය.මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බවත් ඒ තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට යාහැකි බව වෙල්ගම මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *