27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවට ආචාර කර මෝදි පිටවෙයි

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරය නිම කරමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආචාර කරමින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිටත්ව යෑමේ අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍ර්මදාස, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E. Taranjit Singh Sandhu) යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *