ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු මෙම තීරණය ගෙන ඇති අතර, ඔහු සමඟ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සෙසු නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයන් ද සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.
මෙම සාමූහික ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. මෙරට ක්‍රිකට් පරිපාලනයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි මෙම ඉල්ලා අස්වීම් පිළිබඳ පුවත ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.













