27 April 2024
#දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරලා

පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කර ඇතැයි තොරතුරු ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

වයඹ සහ ඌව පළාත් සභාවල මෙවැනි සිද්ධි ගණනාවක් වාර්තා වී තිබෙන අතර තම දේශපාලන හිතවතුන්ගේ හා ඥාතීන්ගේ දරුවන් රැසක් මෙම පළාත් පාසල්වලට ඇතුළත් කර ඇති බවත් හෙළි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටි.

පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නියෝගය පවා උල්ලංඝණය කරමින් සිදු කර ඇති මෙම බඳවා ගැනීම නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේදී වැඩපිළිවෙළට බාධා මතු කරන බවයි වාර්තා වන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *