27 April 2024
#දේශීය #පුවත්

සජබය ඕනෑම ඡන්දයකට ලැස්තියි – මන්ත්‍රී හර්ෂණ

ජනාධිපතිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය මේ මොහොතේ රටට අත්‍යාවශ්‍ය මැතිවරණ දෙකක් බවත් එම මැතිවරණ දෙකම එකම දිනයේ පැවැත්වීමට කිසිදු නීත්‍යානුකූල බාධාවක් නැති බවත් ඕනෑම මැතිවරණයකට සමගි ජනබලවේගය සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ අදහස් පල කලේය “  ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකට සමගි ජනබලවේගය සූදානම්. ඒ සඳහා තමයි සමගි ජනබලවේගයේ සියලු සංවිධාන කටයුතු සිදුකරන්නේ. ව්‍යස්ථා විරෝධී ලෙස පළාත් පාලන මැතිවරණය කල් දාන අවස්ථාවේ අධිකරණයට ගොස් ඒ වෙනුවෙන් අතුරු නියෝගයක් ගත්තේ සමගි ජනබලවේගය. ඒ නිසා පළාත් පාලන මැතිවරණයට , පළාත් සභා මැතිවරණයට , මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට සමගි ජනබලවේගය සූදානම්. සමගි ජන සන්ධානය සමඟ විශාල පිරිසක් මේ වනවිට එකතුවෙලා සිටිනවා. තවත් පිරිසක් එකතුවීම සඳහා සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරියේදී ඒ සියලු දෙනාවත් එකතු කරගෙන පුළුල් සංධානයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් වංචා දූෂණ චෝදනා තිබෙන , ආගම්වාදය අවුස්සන , ජාතිවාදය අවුස්සන පිරිස් සමගි ජන සන්ධානයට එකතු කර ගන්න කිසිදු බලාපොරොත්තුවක් නෑ. ජනාධිපතිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම රටට මේ මොහොතේ අත්‍යාවශ්‍ය මැතිවරණ දෙකක්. එකම දිනයේ කිසිදු බාධාවකින් තොරව ජනාධිපතිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න පුලුවන්. ඊට කිසිදු බාධාවක් නෑ. කිසිදු නීත්‍යානුකූල බාධාවක් නෑ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟත් අපි සාකච්ඡා කළා. ජනාධිපතිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක තිබ්බොත් විශාල මුදල් ප්‍රමාණයක ඉතිරි කර ගන්න පුලුවන්. සමගි ජනබලවේගය ඊට සුදානම් යැයි මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *