• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජබ හා එජාප එක්වීමේ සාකච්ඡා අසාර්ථකයි!

30 September 2024
in දේශීය, පුවත්
සජබ හා එජාප එක්වීමේ සාකච්ඡා අසාර්ථකයි!
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වීම සඳහා පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වී ඇත. ඒ සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබීමෙනි.

ජනාධිපතිවරණයෙන් පසුව, පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීම සඳහා සමගි ජන බලවේගය සමග සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් නම් කරනු ලැබීය.

මෙම කණ්ඩායම දැනට සජබ නියෝජිතයන් සමග එක් එක් ආකාරයෙන් සාකච්ඡා වට අටක් පමණ පවත්වා තිබෙන අතර, ඉහත සාකච්ඡාවලදී සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා කොට, ඉදිරියට ගෙන යාම අසීරු තත්ත්වයට පත් කිරීමට හේතු වී ඇත.

සමගි ජන බලවේගයේ ලකුණ වන ටෙලිෆෝනයෙන් ඉදිරි මැතිවරණවලට තරග කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසිය සහ හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය තුළ නොසිටිය යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ශ්වයෙන් කෙරුණු ඉල්ලීමද, සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා දැඩි බාධාවක් වී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඡන්දවලින් බහුතරය පෞද්ගලිකවම ඔහුට ලැබුණු ඡන්ද ලෙස සැලකෙන බැවින් හිටපු ජනාධිපතිවරයා නොමැති දේශපාලන සන්ධානයකට කිසිදු ලෙසකින් එකඟ වීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ මතය වී තිබේ.

වසර දෙකක් තුළදී රටේ ආර්ථිකය ගොඩගනිමින් පරිණත දේශපාලන නායකත්වයක් පෙන්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ඉදිරි දේශපාලන කටයුතුවලදී අනිවාර්යයෙන්ම යොදාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සජබ පාර්ශ්වයට සෘජුවම දැනුම් දී ඇත.

සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති තවත් කොන්දේසියක් වන්නේ නව සන්ධානයේ නායකත්වය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට පිරිනැමිය යුතු බවය. එම යෝජනාවටද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ බලවත් විරෝධය එල්ල වී තිබේ.

ඇති වී තිබෙන වාතාවරණය අනුව, සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ වී නව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීමට ගෙන යන සාකච්ඡා තවදුරටත් පවත්වා ගෙන යාමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බව ද වාර්තා විය.

Post Views: 23
Previous Post

මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී!

Next Post

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි!

Editor TTV News

Editor TTV News

Next Post
අදත් බොහෝ ප්‍රදේශවලට වැසි!

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved