27 April 2024
#දේශීය

සජිත්ට රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්….! තව මහන්සි වෙන්න ….!

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීම සඳහා මීට වඩා මහන්සි විය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට පවසා ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහගේ සමීපතයෙකු කියා සිටියේ ඔහුට ලැබුණු සමීක්ෂණ වාර්තා අනුව සජිත් කැඳවා මේ සම්බන්ධව පැවසු බවයි. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස හට පවසා ඇත්තේ මේ වන විට ඡන්ද ප්‍රතිශතය 45% බවත් එම ප්‍රතිශතය වැඩී කිරීමට කටයුතු කල යුතු බවයි.

එසේම පාවෙන ඡන්ද ලබා ගැනීමට යම් සැලසුම් සහගත කටයුතු සිදු කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස රනිල් විසින් සජිත්ට අනතුරු ඇඟවීම් සිදු කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ඡන්දයෙන් ජයගැනීමට කල හැකි සියළු දේ කල යුතු බව රනිල් විසින් සජිත්ට දන්වා තිබේ.

යම් යම් පුද්ගලයින්ගේ සැලසුම් නොවන ක්‍රියා සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවත් ඇතැම් පාර්ශවයන් විසින් සිදු කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් පවා මනා කලමනාකාරිත්වයක් ඇතිව සිදු කරන ලෙස රනිල් විසින් සජිත්ට දන්වා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සිංහල ප්‍රජාව සිටින ප්‍රදේශවල මුස්ලිම් අමාත්‍ය ධුරය දරන රිෂාඩ්ව විශේෂයෙන් වේදිකාවේ නග්ගවන්නේ නැතිව සිටිය යුතු බවට එජාපයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පවසා තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *