• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් මෙරට හත්වන ජනපතිවරයා වනවාමයි – රන්ජන් කියයි

18 October 2019
in දේශීය

ධනපති නියෝජිත ගෝඨාභය රාජපක්ෂ මහතා පරදවා පීඩිත පංතියේ ගැලවුම්කාර වීරයා වන සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සියයට පනස් එකකට (51%) වැඩියෙන් ඡන්දය ලබා මේ රටේ හත්වැනි ජනාධිපතිවරයා වශයෙන් පත්වීම කිසිම කෙනෙකුට වැළැක්වීමට නොහැකි යැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18දා) අරලිය ගහ මන්දිර පරිශ්‍රයේදිය. පීඩිත පංතියේ ගැලවුම්කාර වීරයා වශයෙන් ගම් දනව්වල මහජනතාව පිළිගෙන ඇති නිසාත් ඒ ඡන්ද සංඛ්‍යාවත්, එතුමාගේ පියාට කළ ගුණ සැලකීමට නොහැකිව බලා සිටින මහජනතාවගේ ඡන්ද ප්‍රමාණයත් එක්සත් ජාතික පක්ෂයේ සහ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ෆික්ස් ඩිපොසිට් එකේ ඡන්ද ප්‍රමාණයත් නොවැරදිම සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනවායැයි අමාත්‍යවරයා කියා සිටියේය.

දමිළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ටිකත් සජිත් මහතාට ලැබෙනු ඇති අතර මේ රටේ පීඩිත පංතිය සියයට හැත්තෑවක් (70%) සිටිනවා යැයි අමාත්‍යවරයා අනාවරන කළේය. ඒ ඡන්ද සංඛ්‍යාවත් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන විට ඒ මහතා සියයට පනස් එකකට (51%) වැඩි ප්‍රමාණයක් ලබා ජයගන්නවා.

මේ රටේ ධනපති පංතිය සිටින්නේ සියයට තිහක (30%) තරම් ප්‍රමාණයක් විතරයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරන එක කජු කනවා වාගෙ පහසු දෙයක් යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

සුදු වෑන්, හොරකම්, මිනී මැරුම් ආදිය ගැන කියන චෝදනා අනුව බලන කලනම් සජිත් මහත්තයට ඒවත් එක්ක හැප්පෙන්න බැරි බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 15
Previous Post

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට උනත් යනවා – ජනපති අපේක්ෂක සජිත්

Next Post

දිපාවලි අත්තිකාරම් මුදලට තොණ්ඩමන්ගෙන් බාධාවක් – මන්ත්‍රී තිලකරාජා කියයි

editor

editor

Next Post

දිපාවලි අත්තිකාරම් මුදලට තොණ්ඩමන්ගෙන් බාධාවක් - මන්ත්‍රී තිලකරාජා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved