27 April 2024
#දේශීය

සන්ධානයේ නායකත්වය මහින්දට .. සභාපති මෛත්‍රිපාලයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් පත් කර තිබේ.

එම පක්ෂයේ ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පත් කර ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහි ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර ඇත.

එම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය වන්නේ පොහොට්ටුවයි.

උප ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර මහතා පත් කර තිබේ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *