27 April 2024
#දේශීය

ස්ථාවර නැති රටක අනාගතය අස්ථාවරයි – විපක්ෂනායක සජිත්

ආයෝජකයින් තුළ විශ්වාසය සහතික කිරීම, ආයෝජකයා රැකගැනීම ආණ්ඩුවක් සතු වගකීමක් බවත්, නිලධාරීවාදයට හෝ වෙනත් බළල් අත්වලට ආයෝජකයාට යට වෙන්නට සිදු වුවහොත් එහි අගති සිදුවන්නේ රටට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පෙරවරුවේ ආයෝජන මණ්ඩලයේ ඇඟලුම් කර්මාන්ත ශාලා ප්‍රධානීන් පිරිසක් සමඟ සාකච්ඡාවකදිය.

පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ඇගළුම් ක්ෂේත්‍රය මුහුණදී ඇති ගැටළු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුනු අතර එයින් ඇඟලුම් ක්ෂේත්‍රය ගොඩගැනීමට අවශ්‍ය මැදිහත්වීම සම්බන්ධවද අවධානය යොමු කරනු ලැබීය. ඇඟලුම් ක්ෂේත්‍රය දශක කිහිපයක් තිස්සේ මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන ආදායම් උත්පාදන මාර්ගයකි.

රුපියල අවප්‍රමාණය වී ඇති තත්ත්වයක් තුළ ලංකාවට ඩොලර් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය උදෙසා රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර විය යුතු බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

ලංකාවට ඩොලර් රැගෙන එන ආයෝජකයින්ගේ ගැටලු ඉතා කඩිනමින් එක තැනකදී කඩිනමින් විසඳා දෙන ක්‍රමවේදයක් සහ ස්ථානයක් තිබිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවට අද ඇත්තේ අතරමැදියන් ගේ මැදිහත්වීම මත ඔවුන්ගේ ගැටළු ව්‍යාකූල වීමේ ක්‍රමවේදයක් බව ද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *