27 April 2024
#දේශීය

ස්වශක්තියෙන් නැගී සිටීමට මහන මැෂින් බෙදා දෙයි – කොළඹ නගරාධිපතිනිය

කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල ස්ථිර පදිංචිය හිමි ස්වශක්තියෙන් නැගී සිටීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති කාන්තා හා පුරුෂ පාර්ශවය සඳහා මහන මැෂින් බෙදා දීම අද (24) දින නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙන්රි පේදිස් ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය මෙදේ අදහස් පල කර සිටියේය “ අඩු ආදායම්ලාභී පවුල් වල කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ගය ශක්තිමත් කිරීමට අවශ්‍ය වටා පිටාවක් නිර්මාණය කරලීම කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට තරඟ වැදීමේ දී මම ජනතාවට දුන් පොරොන්දුව. ඒ පොරොන්දුව මල්ඵල ගැන්වීමක් ලෙස කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මහන මැෂින් 3980 ක් නොමිලේ ලබා දීමට අද දින කටයුතු කරනවා. මහන මැෂින් ලබා දීමේ ප්‍රධාන අරමුණ තමයි කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ අතිශයින් පීඩාවට පත් වී සිටින ජනතාවට සවියක් වීම.
තව වසර දෙක තුනක් ගත වන තුරු අපි සියලුම දෙනාට මුඛ ආවරණ පැළඳීමට සිදුවේවි. එතකොට එක් දිනකට එක් මුඛ ආවරණයක් පැළඳීමට අපිට වත්කමක් නොමැති වේවි. විශේෂයෙන්ම සෝදා නැවත වාරයක් පාවිච්චියට ගත හැකි මුඛ ආවරණ ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම මාස් හෝල්ඩින්ස් ආයතන හරහා මුඛ ආවරණ ලක්ෂ හය හමාරක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රෙදි අප වෙත ලබාදී තිබෙනවා.ස්වයං රැකියාවක් ලෙස මුඛ ආවරණ මැසීමට කැමති පිරිස් වෙත ඒ සඳහා අවශ්‍ය කරන රෙදි සහ ඉලාස්ටික් පටි ද ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් මසා නිම කරන මුඛ ආවරණ මහජනාධාර දෙපාර්තමේන්තුව මගින් එක් මුඛ ආවරණයක් රුපියල් 10 ක මුදලකට මිලදී ගැනීමටත් කොළඹ නාගරික බල ප්රදේශය තුළ ඒවා නොමිලේ බෙදා දීමටත් කටයුතු කරනවා. අපි ජනතාවට මුඛ ආවරණ පළඳින්න කිව්වට මුඛ ආවරණයක් වත් මිලදී ගැනීමට වත්කමක් නොමැති පිරිස් ඕනෑ තරම් සිටිනවා. ඉතින් ඔවුන්ට මෙය කදිම විසඳුමක් වේවි කියලා මා විශ්වාස කරනවා යැයි නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේය.

විශේෂයෙන්ම නිදන්ගත රෝගීන් ලක්ෂයකට පමණ ජංගම වෛද්ය සේවය හරහා නොමිලේ ඖෂධ ලබා දීමටත්, මහල් නිවාස වල සිටින ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා දීමටත් කොළඹ නගර සභාව කටයුතු කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා නගරාධිපති මහජන සම්බන්ධීකරණ ලේකම් වරු වන ජයශංකර් මහතා, තුෂාරි පෙරේරා මහත්මියද, නාගරික මන්ත්රී තුෂාර මනම්පේරිය මහතා ඇතුළු නාගරික මන්ත්රීවරුන් සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *