27 April 2024
#දේශීය

සාමාන්‍ය පෙළ අදින් ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද(02) සිට ලබන 12 වනදා තෙක් පැවැත්විමට සියළු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පෙරවරු 08 .30ට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි. දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.

විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග කොමසාරිස්වරයා පැවසිය. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථානය වෙත පිවිසීමට නොහැකි වන විභාග අපේක්ෂකයින් සඳහා ලඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බවයි සනත් පූජිත මහතා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *