27 April 2024
#දේශීය

සියළු දෙනා විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් බිහි කළ යුතුයි …. පුජ්‍ය රතන හිමි කියයි !

මේ වන විට රටේ ඇතිව ඇති තත්ත්වය හමුවේ තාවකාලිකව හෝ භාරකාර ආණ්ඩුවකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.  උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (25) රාජගිරිය සදහම් අසපුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රටේ දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අනිවාර්යෙන්ම භාරකාර ආණ්ඩුවක් ක්‍රියාත්මක විය යුතු බව උන් වහන්සේ පෙන්වා දෙයි.

දැන් රටම කැළඹි ඇති බවත් ඒ නිසා වහාම ජනාධිපති සතු බලතල භාවිතා කර මේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර සියලූ පක්ෂ එකතු කරගෙන භාරකාර ආණ්ඩුවක් බිහිකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *