සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා මෙන්ම ඔහුගේ දිගුකාලීන භාරකරු (Agent) ලෙස කටයුතු කළ ජෝර්ජ් මෙසී (Jorge Messi) අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
ආර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති අතර, මිය යන විට ඔහු 68 වන වියේ පසු විය. මීට පෙර මෙම වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විවිධ කටකතා පැතිර ගිය අතර, පවුලේ අය විසින් ඔහු සෞඛ්‍ය ගැටලුකාරී තත්වයක පසුවන බව තහවුරු කර තිබිණි.
ලියොනල් මෙසී ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්වීමට මෙන්ම, 2022 කටාර් ලෝක කුසලානය දිනා ගැනීමට සහ වාර්තාගත ලෙස බැලන්ඩෝර් (Ballon d’Or) සම්මාන අටක් දිනා ගැනීමට ජෝර්ජ් මෙසී දැවැන්ත කැපවීමක් සිදු කළේය. මෙසීගේ පාපන්දු දිවියේ ආරම්භයේ සිටම ඔහු සමඟ සිටි ප්‍රධාන කුළුණක් වූ ජෝර්ජ් මෙසීගේ අභාවය සම්බන්ධයෙන් බාසිලෝනා සමාජය, ආර්ජන්ටිනා පාපන්දු සංගමය සහ මෙසීගේ මව් සමාජය වන නිව්වෙල්ස් ඕල්ඩ් බොයිස් (Newell’s Old Boys) ආයතනය ඇතුළු පාපන්දු ලෝකයේ බොහෝ පිරිසක් සිය බලවත් ශෝකය පළ කර තිබේ.














