27 April 2024
#දේශීය

සුසිලුත් පොහොට්ටුවට … කබ්රාල් කොළඹින් ඡන්දෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් බොහෝ දෙනෙකු මේ වන විට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන තිබේ. මේ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ කැමැත්ත හිමිව තිබේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකු මේ වන විට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනිමට මේ වන විට කටයුතු කර ඇත.

එසේම පොදු ජන පෙරමුණේ සාමාජිකත්ව ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු වුවද සියළු දෙනාම නොවන බව පැවසු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද එම පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ. ඔහුගේ සමිපතමයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් බවත් ඔහුගේ ආශිර්වාදය ඒ සඳහා ලැබී ඇති බවයි.

ඉදිරියේදී පොදු ජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයින් වැඩි කරගනිමින් එම පක්ෂයේ සහායත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගැනීමට සැලසුම් කර ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කළේය.

එසේම මේ වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, සංජිව එදිරිමාන්න මෙන්ම වියත් මඟ, හරි මග, එළිය සංවිධානයේ සිටි විද්වතුන් ඉදිරි පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බව වාර්තා වේ. මේ අතර ප්‍රසිද්ධ විද්වතුන් ඉදිරිපත් වන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *