• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීමට රාජ්‍ය ඇමැති දුමින්දගේ අවධානය

15 September 2020
in සංවර්ධන

සූර්ය කෝෂ සදහා බැටරි නිපදවීම දේශීය වශයෙන් සිදුකිරිමට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමුවී ඇත.

මේ වනවිට එක්සත් රාජධානියේ ස්ථාපිත කොට ඇති ස්ටොටෙරා (Stortera) ආයතනය මගින් මේ වනවිට මෙම බැටරි නිෂ්පාදනය සිදුකර අනෙකුත් රටවල් සඳහාද බෙදාහරිනු ලබයි. මෙම බැටරි නිපදවීමේ නිල හිමිකාරීත්වය ශ්‍රී ලාංකිකයෙකු සතුවීම මෙහි ඇති සුවිශේෂීත්වය වේ.

මෙරට විදුලිබල ක්ෂේත්‍රය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමත් සමඟ ඒ සදහා අත්‍යාවශ්‍ය අංගයක් වන බැටරි නිෂ්පාදනය දේශීය වශයෙන් සිදු කිරී වඩාත් යෝග්‍ය බවත් එතුළින් මෙරට රැකියා වියුක්තියටද ද ආර්ථිකය නගා සිටුවීමටත් හැකියාව ලැබෙන බව දිසානායක මහතා පැවසිය.

මෙම බැටරි නිෂ්පාදනාගාරය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරිමට ඇති ඉඩ ප්‍රස්ථා පිළිබදව වැඩිදුරටත් කරුණු විමසූ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමත්‍යවරයා, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පවත්වා, මෙම බැටරි නිෂ්පාදනාගාරය රට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගතයුතු බව පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පෙරවරුවේ එක්සත් රාජධානියේ ස්ටොටෙරා (Stortera) ආයතනය සමග zoom තාක්ෂණය ඔස්සේ මේ සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීය.

 

 

Post Views: 14
Previous Post

තරුණයෙකු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

Next Post

අවස්ථාවාදී දේශපාලනය නිසා ජනතාව තවමත් අවතැන් කඳවුරු වල බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

editor

editor

Next Post

අවස්ථාවාදී දේශපාලනය නිසා ජනතාව තවමත් අවතැන් කඳවුරු වල බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved