27 April 2024
#සංවර්ධන

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීමට රාජ්‍ය ඇමැති දුමින්දගේ අවධානය

සූර්ය කෝෂ සදහා බැටරි නිපදවීම දේශීය වශයෙන් සිදුකිරිමට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමුවී ඇත.

මේ වනවිට එක්සත් රාජධානියේ ස්ථාපිත කොට ඇති ස්ටොටෙරා (Stortera) ආයතනය මගින් මේ වනවිට මෙම බැටරි නිෂ්පාදනය සිදුකර අනෙකුත් රටවල් සඳහාද බෙදාහරිනු ලබයි. මෙම බැටරි නිපදවීමේ නිල හිමිකාරීත්වය ශ්‍රී ලාංකිකයෙකු සතුවීම මෙහි ඇති සුවිශේෂීත්වය වේ.

මෙරට විදුලිබල ක්ෂේත්‍රය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමත් සමඟ ඒ සදහා අත්‍යාවශ්‍ය අංගයක් වන බැටරි නිෂ්පාදනය දේශීය වශයෙන් සිදු කිරී වඩාත් යෝග්‍ය බවත් එතුළින් මෙරට රැකියා වියුක්තියටද ද ආර්ථිකය නගා සිටුවීමටත් හැකියාව ලැබෙන බව දිසානායක මහතා පැවසිය.

මෙම බැටරි නිෂ්පාදනාගාරය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරිමට ඇති ඉඩ ප්‍රස්ථා පිළිබදව වැඩිදුරටත් කරුණු විමසූ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමත්‍යවරයා, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පවත්වා, මෙම බැටරි නිෂ්පාදනාගාරය රට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගතයුතු බව පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පෙරවරුවේ එක්සත් රාජධානියේ ස්ටොටෙරා (Stortera) ආයතනය සමග zoom තාක්ෂණය ඔස්සේ මේ සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *