මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අවලංගු කරන ලද සෞදි අරාබි සහ බහරේන් ග්‍රෑන්ඩ් ප්‍රී (Grand Prix) මෝටර් රථ ධාවන තරගාවලි මෙම වසරේ පසුව පැවැත්වීම සඳහා නැවත දින නියම කිරීමේ හැකියාවක් පවතින බව වාර්තා වේ. අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලි අවලංගු කිරීමත් සමඟ 2026 තරග වාරය සඳහා සති පහක දීර්ඝ විරාමයක් නිර්මාණය වී ඇති අතර, මුලින් මෙම තරග නැවත නොපවත්වන බව ප්‍රකාශ කළ ද දැන් පවතින තත්ත්වය මත ඒවා වසරේ අගභාගයේදී පැවැත්වීමට ඇති ඉඩකඩ පිළිබඳව සංවිධායකයින්ගේ අවධානය යොමු වී ඇත. විශේෂයෙන්ම ඩුබායි හි අබුඩාබි GP තානාපති රොබට් ඩූර්න්බෝස් පෙන්වා දෙන්නේ සෞදි අරාබි තරගාවලිය යළිත් කාලසටහනට ඇතුළත් කිරීමේ සූදානමක් පවතින බවයි.














