27 April 2024
#දේශීය

හරවා යැවු රිෂාඩ් අද පලමු සාක්ෂිකරු වශයෙන් කැඳවයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුව අද (28) පස්වරු 2 ට රැස්වෙයි. අද දිනයේදී පලමු සාක්ෂි ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතා කැඳවා තිබේ.

පසුගිය 26 වනදා රිෂාඩ් බදීයුදීන් මහතා තේරීම් කාරක සභාව වෙත කැඳ වු අවස්ථාවේදී එහි තේරීම් කාරක සභාවේ නියෝජිතයින් කිහිපදෙනෙකුට වෙනත් කටයුත්තක් සඳහා යාමට අවශ්‍ය වී ඇති හෙයින් රිෂාඩ් බදීයුදීන් මහතාට අද දිනයේදී යළි පැමිණෙන ලෙස දන්වා තිබේ.

මේ අතර, හිටපු අමාත්‍ය අබ්දුල් හලීම්ගේ සොහොයුරා වන ෆායිම් එම්. හෂීම් ද කැඳවා ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *