27 April 2024
#දේශීය

හිටං, හූටං කියපු දයාසිරිට ජවිපෙ ගැන කතා කරන්න අයිතියක් නෑ – විජිත හේරත් කියයි

මේ වන විට දේශපාලනිකවත් ආර්ථිකවත් රට අර්බුදයකට පත්ව ඇති බවත් අර්බුදය සමනය කරන්න ජනාධිපතිවරයාට කිසිදු ඕනෑකමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා අද (26) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ජනාධිපතිවරයා මේ විට මෙම තත්ත්වය කල්මරමින් ප්‍රශ්ණය මඟ හරිමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ” පාර්ලිමේන්තුවේදී සම්මත කළ විශ්වාසභංග යෝජනා දෙකම සිදුකළේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලවයි. තවත් ඕනෑනම් විශ්වාසභංග එකක්, දෙකක්, තුනක්, හෝ ඊට වැඩි ගණනක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉදිරියේ දී තවත් එවැනි යෝජනා එන්නට නියමිතයි. ජනාධිපතිවරයාට ඇඟට, මොළයට දැනෙන තෙක් එම යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අපි සූදානම්. දැන් රටේ අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් නැහැ. එම නිසා ඔවුන්ට මුදල් භාවිතා කරන්න හැකියාවක් නැහැ. එම නිසා ඉදිරියේදී ඔවුන්ට මුදල් වෙන් නොකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න නියමිතයි.
ජනතා විමුක්ති පෙරමුණ එජාපයට හේත්තු කරන්න උත්සාහ කරන දයාසිරි ජයසේරකලා ඇතුළු කණ්ඩයම පහුගිය කාලයේ කාත් එක්කද හිටියේ? රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිධුරය යටතේ එහෙයියන් වෙලා හිටපු දයාසිරිලාට ජවිපෙ ගැන කතාකරන්න සදාචාර අයිතියක් තියෙනවාද? රනිල් වික‍්‍රමසිංහලත් එක්ක එකට ආණ්ඩුවේ ලැග්ග හිටං, හූටං කියලා පස්සේ ගිහින් මෛත්‍රි ළඟ දණ ගහපු ශ්‍රීලනිපයේ දයාසිරිලා ඇතුළු කණ්ඩායම ජවිපෙ ගැන කතා කිරීම කණගාටුවට කරුණක්.
එස්.බී කියලා තිබුණා, දියමන්තිය ලකුණින් ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව සන්ධානයක් එනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දියමන්තියක් තමයි. නමුත් එස්.බී. මනෝ විකාරයෙන් දොඩනවන බව ඔවුන්ගේ කණ්ඩායමේම රන්ජිත් සොයිසා කියලා තිබුණා. ඒස.බී.ලා දැන් කතා කරන්නේ මනෝ විකාරයෙන් බව පැහැදිලියි. ඒ නිසා තමයි ඔහු කියලා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවන්න මෛත්‍රි ගහපු ගැසට් එක අකුළාගන්න කියලා ඉල්ලනවා කියලා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *