27 April 2024
#දේශීය

හිස් වු ඇමැති පුටු වලට වැඩ බලන ඇමැතිවරු පත් කරයි

පසුගියදා මුස්ලිම් අමාත්‍යවරු තිදෙනෙකු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අද (10) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වැඩ බලන අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කර තිබේ.

නගර සැලසුම් , ජල සම්පත් හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ද, නියෝජ්‍ය අමාත්‍ය ලෙස සිටි බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වු පුද්ගලයන් පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙසත්, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මියව පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලේයීදී ලබා දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *