27 April 2024
#විදෙස්

හොංකොං විරෝධතාකරුවන්ට චීනයෙන් අනතුරු ඇඟවීමක්

කලහකාරී ලෙස හැසිරෙන හොංකොං විරෝධතාකරුවන්ට චීනය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලහකාරි සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලින් ඉවත්වන ලෙසයි චීන බලධාරින් දැනුම්දී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මධ්‍යම ආණ්ඩුවේ කටයුතු අවතක්සේරු නොකළ යුතු බව චීනය ප‍්‍රකාශ කර සිටි බවයි. හොංකොං හි නව උදර්පන නීති කෙටුම්පතට එරෙහිව විරෝධතා සති නවයක පමණ කාලයක් ගතව ඇත.

පවතින විරෝධතා ප‍්‍රචණ්ඩ වීම හේතුවෙන් මේ වන විට හොංකොං හි දෛනික කටයුතු රැසක් අඩාලවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *