හොරණ දිස්ත්‍රික් මහ රෝහල භෞතික සහ මූල්‍ය වත්කම් සමඟ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2022 ජූනි 03 වන දින දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කෙරුණු මෙම රෝහල දැනට පරිපාලනය කෙරෙන්නේ බස්නාහිර පළාත් සභාව යටතේය. ඇඳන් 544ක ධාරිතාවකින් සහ 739ක කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම රෝහල මගින් හොරණ සහ ඒ අවට ප්‍රදේශවල ලක්ෂ දහයකට ආසන්න ජනතාවකට සෞඛ්‍ය සේවා සැපයේ.දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස තෘතීයික සත්කාර සේවා වඩාත් කාර්යක්ෂමව සැපයීම උදෙසා පහසුකම් සහ මානව සම්පත ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාවද හිමිව ඇත.
















