ඇමරිකානු-ඉශ්‍රායල සහ ඉරාන ගැටුම් හමුවේ අඩාල වී ඇති ජාත්‍යන්තර නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, හොර්මූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) භාවිත කරන නෞකාවලින් ස්වේච්ඡා ගාස්තුවක් (Voluntary Fees) ලබා ගැනීමේ යෝජනාවක් ඕමානය විසින් ඉරානය වෙත ඉදිරිපත් කර තිබේ. ගල්ෆ් කලාපීය රටවල සහයෝගය ඇතිව ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් එකී සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය ඉරානය වෙත පැවරීම වැළැක්වීමට අදහස් කෙරේ.
මෙම ක්‍රමය මලක්කා සමුද්‍ර සන්ධියේ (Strait of Malacca) දැනට භාවිත වන ආකෘතියට සමාන වන අතර, එහිදී සමුද්‍රීය ආරක්ෂාව, නාවික කටයුතු සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් නෞකාවලින් ස්වේච්ඡා පදනම මත සම්මාදම් මුදලක් ලබා ගනී. අනිවාර්ය ගාස්තු අය කිරීම නීති විරෝධී බව ඇමරිකාව පවසන අතර, පවතින ගැටලු නිරාකරණය කර නොගතහොත් නැවතත් ඉරානය වෙත ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ ඇමරිකාව සමඟ නැවත සාකච්ඡා කිරීමට තම පාර්ශ්වය අපේක්ෂා නොකරන බවයි. පවතින උද්‍රෝපකාරී තත්ත්වය හමුවේ තෙල් නැව්වලට එල්ල වන ප්‍රහාර සහ සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා හේතුවෙන් ලෝක බලශක්ති සැපයුමට තවදුරටත් බාධා එල්ල වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














