අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් එම රටට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.
ෆොක්ස් නිව්ස් (Fox News) මාධ්‍යවේදීන් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය පාලනය කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර වෙනම සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර, අමෙරිකාවද ඒ සඳහා වෙනම සාකච්ඡා පවත්වමින් සිටින පසුබිමක් තුළ මෙම දැඩි ප්‍රකාශය නිකුත් වී ඇත.














