• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට – ජනපති තීරණය කරයි

22 August 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමේ හැකියාව සොයා බැලීමට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. ඒවායේ අනන්‍යතාව සුරැකෙන පරිදි අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ විධිමත්ව සිදුකරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වැනි සභා වාරයේ දීය.

ජනාධිපති උපදේශක සභා වාර 04කදී මහා සංඝරත්නය කළ යෝජනා සහ අනුශාසනා සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ඉදිරි සභාවේදි ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම තමා අපේක්ෂා කරන්නේයැයි කීය. දහම්පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල ඒවායේ උන්නතිය උදෙසා එක් රාජ්‍ය අමාත්‍යාංශයක ඝෘජු අධීක්ෂණයට පත් කළ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ගැටළු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් වැඩපිළිවෙළක් සහ නියාමනය තුළින් ගුණාත්මක තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට මහා සංඝරත්නය ප්‍රසාදය පළ කළහ.

මෙවර පාර්ලිමේන්තුවට විපක්ෂ නායක ඇතුළු තනතුරුවලට තෝරාගැනීමේදී අනුගමනය කළ පිළිවෙත රටටම ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ සඳහන් කළහ. පසුගිය රජය සමයේ එම තනතුරුවලට පත්කළ ආකාරය ජනතාව පිළිකුල් සහගතව බලා සිටී බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
අමාත්‍යාංශ සිමා කිරීමට ගත් තීරණය මහජන මුදල් ඉතිරිකිරීමට ඉවහල් වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කීහ.

“යහපත් සිහිය” ජීවිතයට ඉතා වැදගත්වන බව පෙන්වා දුන් මිතිරිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව හිමියෝ එය පාසල් පංතිකාමරයට හඳුන්වාදීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

ගුරු භික්ෂුන් වහන්සේට, දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමාන රක්ෂණයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ යෝජනා කළහ.

රජයේ රැකියාදීමේදී දහම්පාසල් අවසාන සහ ධර්මාචාර්ය සහතික පත්‍රයට ලකුණු දීමේ ක්‍රමයක වැදගත්කම පූජ්‍ය දිවියගහ යසස්සි හිමියෝ පෙන්වා දුන්හ.

භික්ෂු අධ්‍යාපනය හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ කතිකාවතක් හෝ ථෙරවාද බුදු දහම පිළිබඳ සංඝායනාවක් අවශ්‍ය බව මාහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ යෝජනා කළහ.

බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඡන්ද විමසීමකින් තොරව සම්මත විය

Next Post

වෙඩි තබා අයෙකු මරුට – ඝාතකයා සොයා පොලිස් මෙහෙයුම් ඇරඹේ

editor

editor

Next Post

වෙඩි තබා අයෙකු මරුට - ඝාතකයා සොයා පොලිස් මෙහෙයුම් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025
ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved