• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මත්ද්‍රව්‍ය මැඩලන්න අප්‍රේල් 03 පසු ත්‍රිවිධ හමුදාවේ දෑත් තවත් ශක්තිමත් කරනවා – ජනපති

8 March 2019
in දේශීය

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩුකාරවරුන් සමඟ පැවති හමුවක දී ය. මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී ක්‍රියාවට නැංවෙන “සුජාත දරුවෝ” වැඩසටහන පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

අප්‍රේල් 03 වනදා සිට අධ්‍යාපන, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, ක්‍රීඩා ඇතුළු රජයේ ප්‍රධාන අමාත්‍යාංශවල සහ ආයතනවල සහය ද මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට වඩා සක්‍රීයව ලබාගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සුවිශේෂී වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍යවලට එරෙහි ව රටම එක් ව ප්‍රතිඥා දෙන අවස්ථාව අප්‍රේල් 03 වන දා උදෑසන 8.00 ට එළැඹෙයි. සියලු පාසල් දරුවන් පාසල් වලදීත්, රාජ්‍ය සේවකයන් තම සේවා ස්ථානවලදීත් දිවුරුම් දෙන එම අවස්ථාව වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන කෙටි උත්සවයට එක්වන ලෙස තමා පක්ෂ භේදයෙන් තොරව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ප්‍රමුඛ සියලු මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන් ම තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනට දායක කර ගැනීම සඳහා දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත “සුජාත දරුවෝ” වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ආණ්ඩුකාරවරු දැනුවත් කළේය.

මේ වන විට පුළුල් ලෙස ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාලයට මේ රටේ වෙනම ආණ්ඩු කිරීමට ඉඩ දිය නොහැකි බවයි. මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාතාලය මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා දේශපාලන පක්ෂ බේදයෙන් තොරව සියලුදෙනා අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන කප්පම් ලබා ගැනීමේ සිදුවීම් පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ තම උපදෙස් පරිදි පොලිසිය මේ වන විට අවශ්‍යය පියවර ක්‍රියාවට නංවා ඇති බවයි.

පාසල් දරුවන්ගේ ඩෙස් පුටු ගැටලුව පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකළ ජනාධිපතිවරයා අදාළ බලධාරින්ට උපදෙස් දුන්නේ පාසල් පෙළ පොත් ලබාදීම මෙන් ම වාර්ෂිකව ඩෙස් පුටු අවශ්‍යතාවය සපුරාලීම පිළිබඳව ද විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි. පාසල්වල නව ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම්වලට වඩා පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ ඩෙස්පුටු අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙන්ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දුන්නේ ය.

රටේ ආර්ථික සංවර්ධන වේගය ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත ආර්ථික සංවර්ධන අරමුණ ඉටුකර ගැනීමට මෙම වසරේ දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා එක්ව කැපවීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමට තමා ඉදිරියේ දී සෑම අමාත්‍යාංශයකට ම සහ දිස්ත්‍රික්කයටම පැමිණීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද, පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

ඉදිරියට යන්න නම් පාර කපන්න ඕන – ඇමැති පාඨලි කියයි

Next Post

දළඳා විදියේ නයිට් බසාර් වහාම අත්හිටුවයි – ඇමැති කිරිඇල්ල

editor

editor

Next Post

දළඳා විදියේ නයිට් බසාර් වහාම අත්හිටුවයි - ඇමැති කිරිඇල්ල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved