27 April 2024
#දේශීය

මහබැංකුවේ හිටපු නි. අධිපති ඇතුළු 04 ක් අත්අඩංගුවට

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මත බව ගුණසේකර මහතා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සෙසු තිදෙනා පර්පචුවල් ට්‍රෙෂරිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් අයතනයේ අධ්‍යක්ෂකවරුවන්වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන , චිත්‍රා රංජන් හුලුගල්ල , මුතුරාජ සුරේන්ද්‍රන් යන අයයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *