• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එළැඹෙන 05 වනදා

3 January 2019
in වෙනත්

වසර 2,300 කට අධික කාලයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවය එළඹෙන 5 වනදා මාතලේ අලුවිහාරයේ දී සිදුකිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ. මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ 2,000 ක මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මේ සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු, විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතයි.

වසර දහස් ගණනක් පුරා රැගෙන ආ නිර්මල බුදුදහම තවදුරටත් සුරක්ෂිත කරමින් අනාගත පරපුරට දායාද කිරීම සහ ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කළද ලෝක උරුමයක් වශයෙන් පවත්වාගෙන යාමේ අරමුණින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන අතර මහා සංඝරත්නයේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි මෙය ක්‍රියාවට නංවයි.

තෙවැනි ධර්ම සංඝායනාවේ දී සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් පූර්ණත්වයට පත් ථෙරවාදී ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුම වූ අතර මෙසේ උරුම වූ සම්බුදු දහම රාජ්‍ය ගෞරවය ලබමින් ශතවර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාවේ පෝෂණය වී තිබේ. ශ්‍රී ලාංකික මහ රහතන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශත වර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමුවරට තල්පත්වල ලේඛනාරූඨ කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව පළවැනි සියවසේ වළගම්බා රජ සමයේ මාතලේ අලුවිහාරයේ දීය.

ඒ අනුව ත්‍රිපිටකය ක්‍රිස්තු වර්ෂ 1956 වර්ෂයේ එළැඹි 2500 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස සංරක්ෂණය කර පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කරන ලද අතර බලංගොඩ ආනන්ද මෛත්‍රි මහානායක හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ලබුගම ලංකානන්ද අනුනායක හිමියන්ගේ ප්‍රධෘන සම්පාදකත්වයෙන් යුත් විද්වත් ස්වාමීන්වහන්සේලාගෙන් සමන්විත සම්පාදක මණ්ඩලයක් විසින් පූර්ණ වශයෙන් ලියා රජයේ නිල ප්‍රකාශයක් වශයෙන් මුද්‍රණය කර ඇත.

ලොව පවතින ආගමික ග්‍රන්ථ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ත්‍රිපිටකයට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර එය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කොට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදුකරනු ලබයි. ඊට අමතරව ත්‍රිපිටකය සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු සිදුවන්නේ බුද්ධශාසන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේය.

ථෙරවාදී බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටිය දී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනාවල දී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී තිබෙන අතර පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මඟින් අතිරේක කරුණු හා විස්තර කිරීම් සිදුකර ඇත. ඒ අනුව විනය පිටකය, සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) සහ අභිධම්ම පිටකය (අභිධර්ම) ලෙස මෙය වෙන්කර තිබේ.

Post Views: 17
Previous Post

DLB නියෝජිතයින්ට නව අලෙවි කුටි සහ ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල් බෙදයි

Next Post

ගෝඨාභයගේ නඩුව ලබන 11 වනදාට කල් යයි

editor

editor

Next Post

ගෝඨාභයගේ නඩුව ලබන 11 වනදාට කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved