27 April 2024
#දේශීය

ගෝඨාභයගේ නඩුව ලබන 11 වනදාට කල් යයි

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන 11 වනදා කැදවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද දින කැඳවා ඇත්තේ ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කිරීමට සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල කරමින්. අධි චෝදනාවලට අදාළ ඒ කාණ්ඩයට අයත් සියලු ලේඛණ විත්ති පාර්ශ්වයට භාර දී ඇති බව නීතිපතිවරයා දැනුම් දී ඇත.

විත්තිය විශේෂිතව ඉල්ලා ඇති ලේඛණ ද ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා පවසා ඇති අතර එම ලේඛණ විත්ති පාර්ශ්වයට ලැබී ඇත්දැයි සොයා බැලීමට නඩුව ලබන 11 වනදා කැදවීමට නියමිතයි. එසේම මෙම නඩුව ජනවාරි 22 වනදා සිට දිනපතා විභාගයට ගැනීම ස්ථිර ත්‍රිපුද්ගලය මහාධිකරණය මීට පෙර නියෝග කළා. මේ අතර ගෝඨාභ රාජපක්ෂ මහතා අධිකරණයේ අවසරය මත විදේශ ගත වී ඇති බව විත්ති පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන් අතර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *