27 April 2024
#සංවර්ධන

නෙඩුන්තිව් වැවට ඉස්සන් පැටවුන් ලක්ෂ 11ක් මුදාහැරියි

ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් පසුගිය 23 වනදා නෙඩුන්තිව් වෙට්ටක්කලී වැවට රුපියල් හාරලක්ෂ හැටදහසක (460000)ක වටිනාකමින් යුත් ඉස්සො පැටවුන් මුදාහැරීමට පියවර ගෙන තිබේ.

වෙට්ටක්කලී වැව ආශ්‍රිතව ධීවර පවුල් 50ක් පමණ තම ජීවිකාව කරගෙන යනු ලබන අතර මෙම ඉස්සන් වගා ව්‍යාපෘතිය යටතේ එක් පවුලක් සදහා ඉස්සන් කිලෝග්රූම් 15000ක් පමණ නෙලා ගැනීමට අවස්ථාව උදාවන බව ධීවර නිලධාරීන් පැවසිය.

එහිදී ධීවර අමාත්‍ය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේ පසුගිය වසරේ වෙට්ටක්කලි වැව ආශ්‍රිතව කරන ලද ඉස්සන් වගා ව්‍යාපෘතිය නිසා ජනතාවගේ ජීවනෝපාය මාර්ගය සාර්ථක කරදීමට හැකි වු බැවින් දෙවන අධියර වශයෙන් මෙම ව්‍යපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කල බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *