27 April 2024
#දේශීය

කොවිඩ් රෝගීන්ට ඇමැති නාමල්ගෙන් ඇඳන් 10,000 ක්

කොව්ඩ්- 19 ආසාධිතයන් සඳහා ඇදන් 10,000 ක් ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ආරම්භ කර ඇත.

රට පුරා කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම ඉහළයාමත් සමඟ සෞඛ්‍ය බලධාරින් එම අසාධිතයන් වෙනුවෙන් පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා පවතින අමතර ඇඳන් අවශ්‍යතාව පෙන්වා දී තිබිණි.

ඇඳන් 10,000ක් ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියට ජාතික තරුණ සේවා සභාව මූලිකත්වය ගෙන ඇති අතර යෞවන සමාජ ව්‍යාපාරය ඊට උපරිම දායකත්වය ලබා දෙයි. මීට අමතරව තරුණ කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන ඇතුළු සංවිධාන රැසක සහයෝගය ඒ සඳහා ලැබෙමින් තිබේ.

ජාතික තරුණ සේවා සභාව දිවයින පුරා විසිරී සිටින යෞවන සමාජ ව්‍යාපාරය හා අත්වැල් බැඳගත් තරුණ කොටස් හා එක්ව ඇඳන් 10,000 ක අවශ්‍යතාවයෙන් ඇඳන් 3500 ක් මේ වන විට නිර්මාණය කිරීම ආරම්භ කර ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම දින 10 ක් තුළ ඇදන් 10,000 ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන බවත් ඒ සඳහා සම්පූර්ණ දායකත්වය ලබාදෙන බවත් දමිත වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළේය.

කොවිඩ් රෝගීන්ට ඇමැති නාමල්ගෙන් ඇඳන් 10,000 ක්

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *