• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 10 වනදා කොළඹදී

8 April 2019
in දේශීය

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 10 දින (බදාදා) ප.ව.4.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතාඇගයීම මෙම සම්මාන උළෙලේ මුඛ්‍ය පරමාර්ථය වන අතර මෙය වාර්ෂිකව පැවැත්වීමට රජය විසින් තීරණය කර ඇත.

ජනමාධ්‍යවේදීන්ගේ විවිධ දක්ෂතා, කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා හඳුනා ගනිමින් ඒවා ඇගයීමට ලක්කිරීම, වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහිකිරීම සඳහා පසුබිම නිර්මාණය කරනු වස් නිසි මඟපෙන්වීම් ලබාදීම හා අභිප්‍රේරණය කිරීම, සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රය, හොඳින් දැනුම්වත් වූ සිවිල් සමාජයක් ගොඩනැගීම සඳහා සවිබල ගැන්වීම, ජනමාධ්‍යවේදීන් විසින් සමස්ත සමාජය වෙනුවෙන් හිතකරවූද නිදහස්වූද, සංවර්ධනාත්මක, දෘෂ්ටි කෝණයකින් යුතුවූද මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා පෙ‍ළඹවීම් කිරීම සහ සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රය ආවරණය වන පරිදි කරනු ලබන කාර්ය සාධන ඇගයීම තුළින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ජනමාධ්‍යවේදීන්ට ලබාදීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණු වේ.

සම්මාන සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතු වූ අතර හැකිතාක් දුරට ආයතන ප්‍රධානීන් මඟින් එවීමට කටයුතු කළ යුතු බව දන්වන ලදී. ස්වාධීනව තමාම සහතික කර වුවද අයදුම්පත් එවීමට හැකිවීම විශේෂ කරුණක් විය. ඒ අනුව, සම්මාන සඳහා සලකා බලනු ලැබුවේ 2017.01.01 දින සිට 2017.12.31 දක්වා නිර්මාණ පමණි. ස්වතන්ත්‍ර නිර්මාණවීම, විදේශීය රටවල නිර්මාණයන් නොවීම, ලාංකේය ප්‍රේක්ෂකයාට යෝග්‍ය ලෙස සකසන ලද නිර්මාණවීම සම්මාන සඳහා සලකා බැලීමට සුදුසුකම් ලෙස සලකන ලදී. මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශ සහිතව අමාත්‍යාංශය මඟින් පත්කරන ලද සුදුසුකම් සහිත සහ වෘත්තීය වශයෙන් ප්‍රවීණ පුද්ගලයන්ගෙන් සමන්විත අනුකමිටු මඟින් සම්මාන සඳහා නිර්දේශ කරනු ලබන නාමලේඛන ප්‍රධාන කමිටුවට ඉදිරිපත් කෙරුණු අතර එම කමිටුවේ තීරණය අවසන් තීරණය විය.

2018.07.13 දින පුවත්පත් දැන්වීම් පළකරන ලද අතර, අගෝස්තු 31 දින වනවිට අයදුම්පත්‍ර භාරගැනීම අවසන් කරනු ලැබිණි. ඒ අනුව අයදුම්පත් 1674 ක් ලැබිණි. සම්මාන පිරිනැමීම භාෂාත්‍රයෙන්ම රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් මාධ්‍ය යන ක්ෂේත්‍ර සඳහා සිදුකෙරේ. ඒ අනුව ජූරියේ විශේෂ සම්මාන හතර සමඟින් සම්මාන 51 ක් පිරිනැමීමට නියමිතය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් සිදුකළ ප්‍රවීණයන් සඳහා දිවියේ එක් වරක් පමණක් පිදෙන “ජූරියේ විශේෂ සම්මාන” හා මුදල් ත්‍යාග පුවත්පත් ක්ෂේත්‍රය සඳහා කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාට ද, ගුවන්විදුලි ක්ෂේත්‍රය සඳහා කරුණාරත්න අමරසිංහ මහතාට ද, රූපවාහිනි ක්ෂේත්‍රය සඳහා ලූෂන් බුලත්සිංහල මහතාට සහ වෙබ් ක්ෂේත්‍රය සඳහා ලක්ෂ්මන් ජයවර්ධන මහතාටද පිරිනැමීමට තීරණය කර ඇත.

මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ අධීක්ෂණය යටතේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සියලු කටයුතු සංවිධානය කර ඇත.

Post Views: 10
Previous Post

ගම්පෙරළිය කියන්නේ ඇඩ්වලට සීමා වෙච්ච දෙයක් නෙමෙයි – ඇමැති මංගල කියයි

Next Post

පරාක්‍රමබාහු රජතුමාගේ කලෙත් බදු අයකලා – අගමැති කියයි

editor

editor

Next Post

පරාක්‍රමබාහු රජතුමාගේ කලෙත් බදු අයකලා - අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved