27 April 2024
#විලාසිතා

දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ලක්ෂ 10 ක පරිත්‍යාගක් ඇමැති සජිත්ගෙන්

දේශිය සිනමාවේ හා ජාතික චිත්‍රපට සංස්ථාවේ උන්නතිය උදෙසා “රණසිංහ ප්‍රේමදාස චිත්‍රපට ශිල්පී සුබසාධක භාරය ආරම්භ කර ඊට රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාග කිරීම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගියදා සිදු කෙරිණි.

දේශිය සිනමාවේ 72 වන සංවත්සරය හා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 47 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් තරංගනි සිනමා ශාලාවේදී පසුගියදා පැවැති සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම පරිත්‍යාගය සිදු කෙරිණ.

දේශිය සිනමාව වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටු කළ කලාකරුවන් 15 දෙනෛකු සඳහා රුපියල් 750,000 /- ක මුල්‍යාධාර ප්‍රදානය කිරීම සහ වියපත් කලාකරුවන් හා කාර්මික ශිල්පින් 35 දෙනෙකු සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *